ධීවරයින් 12ක් ඉන්දියාවේදී දැලේ

ධීවරයින් 12ක් ඉන්දියාවේදී දැලේ

October 1, 2014   09:53 am

ඉන්දීය මුහුදු සීමාවට නීත්‍යනුකූල නොවන ලෙස ඇතුළත්වූ බව කියන ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවරයින් කැටුව මෙලෙස අනවසරෙන් ඇතුළුවූ ධීවර යාත්‍රා දෙකක්ද ඔවුන් බාරයට ගෙන ඇති බව ඉන්දීය පුවත් අනාවරණය කරයි.

ඊයේ සවස මෙම ධීවරයින් හා ධීවර යාත්‍රා ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති බව ‘ද හින්දු‘පුවත් සේවය උපුටා දක්වයි.