ජාත්‍යන්තර ළමා සහ වැඩිහිටි දිනය අදයි

ජාත්‍යන්තර ළමා සහ වැඩිහිටි දිනය අදයි

October 1, 2014   08:23 am

ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ.

ලෝක ළමා දින සැමරුම් උත්සවය මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසන්නේ අද උදෑසන මෙම උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.

එමෙන්ම ළමා දිනය වෙනුවෙන් තවත් වැඩසටහන් රැසක් අද දිනය තුළ ක්‍රියාත්මක වන බව තිස්ස කරල්ලියද්ද අමාත්‍යවරයා පැවසුවේය.

එසේම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහ පින්නවල අලි අනාථාගාරය අද දිනය තුළ කුඩා ළමුන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබා දී තිබේ.

අදට යෙදී ඇති ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වෙයි.

වයස අවුරුදු 12 න් පහළ කුඩා දරුවන් සහ වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මෙම අවස්ථාව ලබා දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේය.

එමෙන්ම ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල සත්වොද්‍යානයේ සහ පින්නවල අලි අනාථාගාරයේ දී දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වෙයි..