ආපදා තත්ත්වය තවදුරටත් - අදත් වැසි
October 1, 2014 08:08 am
දිස්ත්‍රික් 05 ක් සඳහා නිකුත් කර ඇති ආපදා අනතුරු ඇගයීම් තත්ත්වය තවදුරටත් වලංගු බව ආපදා කළ මනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ඊයේ(30) පස්වරුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සුළු ජල ගැලීම් තත්ත්වයක්ද වාර්තා වු බවයි.
පස්කඳු කඩාවැටීම හේතුවෙන් අවහිරවු නුවරඑළිය - හැටන් මාර්ගයේ නානුඔය, බංගලාහත ප්‍රදේශයේ මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා පැවසුවේය.
කෙසේ වෙතත් නුවරඑලිය දිස්ත්‍රික්කයේ 117 ක පිරිසක් ආපදා තත්ත්වයෙන් පිඩා විදින බව ඩී.පී.ජී.කුමාරසිරි මහතා සඳහන් කළේය.
අද දිනය තුළ ද වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පැවසුවේය.