ඩොල්පින්ස් පරදා නයිට් රයිඩර්ස් ජයගනියි

ඩොල්පින්ස් පරදා නයිට් රයිඩර්ස් ජයගනියි

September 30, 2014   12:59 pm

චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඩොල්පින්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් ලකුණු 36ක ජයක් හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 187ක් ලබාගැනීමට සමත් වුණි.

එම ඉනිම වෙනුවෙන් රොබින් උත්තාපා නොදැවී ලකුණු 85ක් සහ මනිෂ් පාන්ඩෙයි නොදැවී ලකුණු 76ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඩොල්පීන් කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 151ක් පමණයි.

පන්දු යැවීමේ දි සුනිල් නරේන් ලකුණු 33කට කඩුලු තුනක් දවාගැනීමට සමත් වුණි.