ශෂීන්ද්‍ර මහ ඇමතිවරයා ලෙස දිවුරයි
September 30, 2014 09:38 am
ඌව පළාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
අද(30) පෙරවරු 09.00 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිය ධූරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
පසුගිය පළාත් සභා ඡන්ද වීමසීමේ දී මොණරාගල දිස්ත්‍රික්කයෙන් මනාප 96,619 ක් ලබා ගනිමින් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා නැවතත් ඌව පළාත් සභාවට තේරී පත්වුණි.
මීට පෙර ද ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතායි.