රත්රං ජාවාරමක තොරතුරු හෙළිවෙයි
September 30, 2014 08:26 am
මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රත්රං ගෙන යාමේ ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.
උතුරු නාවික කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදි මෙම ජාවාරමේ තොරතුරු හෙළිකරගෙන ඇති බව වාර්තා වෙයි.
එහිදි ඉන්දියාවට ගෙන යාමට සඟවා තිබු කිලෝග්රෑම් එකයි ග්රෑම් 700ක රත්රං තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
මඩගල්තුරෙයි වෙරළේ තීරයේ නවතා තිබු ධීවර යාත්රාවක සඟවා තිබියදී මෙම රත්රං සොයාගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
සොයාගත් රත්රං වැඩිදුර පරීක්ෂණ සඳහා රේගුවට භාර දී තිබේ.