නිල්වලා ගඟට පැන්න පුද්ගලයාගේ මළ සිරුර හමුවෙයි

නිල්වලා ගඟට පැන්න පුද්ගලයාගේ මළ සිරුර හමුවෙයි

September 29, 2014   08:33 am

මාතර, මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන සියදිවිහානිකරගත් තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ඊයේ(29)  දහවල් තරුණයෙකු මහානාම පාලමෙන් පැන ඇති බවට පොලිසියට තොරතුරක් ලැබි තිබුණි.

ඒ අනුව ඔහු සෙවීමේ කටයුතු පොලිසිය සහ නාවික හමුදාව සමග එක්ව සිදුකළ අතර ඔහුගේ මළ සිරුර ඊයේ(28) පස්වරුවේ සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ පාලටුව දෙවලගොඩ, අද්දරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත ඔහු සිය දිවිහානිකරගෙන ඇති බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදි තොරතුරු අනාවරණය වි තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද මාතර රෝහලේ දි සිදුකිරිමට නියමිත අතර මාතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.