චීනය පරදා ශ්රී ලංකාව ලෝකඩ පදක්කම දිනයි
September 26, 2014 09:20 am
17 වැනි ආසියානු ක්රීඩා උළෙලේදී චීන කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චීන කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 65ක් ලබා ගත්තේය.
පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.1දී කඩුලු 5ක් දැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් විය.
මෙම තරඟයේදී චීනය වෙනුවෙන් යූ මායියෝ ලකුණු 26ක් ලබාගත් අතර ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 16ක් ලබා ගන්නා ලදී.