ඔසාමාගේ බෑනා දිවි ඇතිතෙක් හිරේ
සයුරෙන් එතෙර

ඔසාමාගේ බෑනා දිවි ඇතිතෙක් හිරේ

September 24, 2014   01:00 pm

අල්කයිඩා හිටපු නායක ඔසාමා බින් ලාඩ්න්ගේ බෑනා බවට සැලකෙන සුලෙයිමාන් අබු ගයිත්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

අල්කයිඩා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ සුලෙයිමන් පසුගිය වසරේ ජෝර්දානයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේය.

පසුව ඔහු අමෙරිකානු බලධාරීන් භාරයට ගත් අතර නිව්යෝක්හි දී ඔහුට එරෙහිව පැවති නඩු විභාගයකින් අනතුරුව මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

48 හැවිරිදි සුලෙයිමාන් අබු ගයිත්, විවාහ වී ඇත්තේ ඔසාමා බින් ලාඩන්ගේ වැඩිමහල් දියණිය සමඟය.

අල්කයිඩා සංවිධානයේ බිහිකළ පුද්ගලයා ලෙස සැළකෙන ඔසාමා බින් ලාඩ්න් 2011 වසරේ මැයි මාසයේ දී අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ඝාතනය කරනු ලැබුවේය.