මම තනතුර හරීන්ට දෙනවා- උපනායක තනතුර දෙනවානම් වඩාත් හොඳයි

මම තනතුර හරීන්ට දෙනවා- උපනායක තනතුර දෙනවානම් වඩාත් හොඳයි

September 23, 2014   02:54 pm

ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයේ මාවත විවර කරදීම නිසා තමන් විසින් දරණු ලබන එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණු සභාපති තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට පිරිනැමීමට සුදානම් බව පා.ම. රුවන් විජයවර්ධන මහතා කියයි.

එම යෝජනාව අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, ඔහුට උපනායක තනතුර ලබාදෙන්නේ නම් තමන් ඊටත් වඩා කැමති බව අප කළ විමසීමකදී ඔහු කියා සිටියේය.

තමන් මෙම තීරණය ගනු ලැබුවේ හොඳට හිතා මතා බවත්, හරින් ප්‍රනාන්දු ඌව මැතිවරණයට ඉදිරිපත්ව පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලබාදුන් බවත්, ඒ මහතා පැවසුවේය.

"හරින් කළේ විශාල කැපවීමක් අපි ඒක අගය කරන්න ඕන. ඒ නිසා මම හිතුවා මම දරණ තනතුර එයාට දෙන්න කියලා, ඒක මගේ පෞද්ගලික කැමැත්ත, ඊයේ රෑ මම හොඳට කල්පනා කරලා ගත් තීරණයක් ඒක" යනුවෙන් රුවන් විජයවර්ධන මහතා අද දෙරණ කළ විමසීමේදී කියා සිටියේය.