සනත් ඉවත් වූ ඇත්ත හේතුව කුමක්ද? - මාවන්ට පුහුණුකරු තනතුර ලැබෙයිද?

සනත් ඉවත් වූ ඇත්ත හේතුව කුමක්ද? - මාවන්ට පුහුණුකරු තනතුර ලැබෙයිද?

September 23, 2014   01:30 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති මෙන්ම තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරාගැනීමේ කමිටුවෙන් ඉවත්ව තිබේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර ඇත.

එම කමිටුවට සනත් ජයසූරිය ද ඇතුළුව, නිශාන්ත රණතුංග, ශම්මි ද සිල්වා, හිරන්ත පෙරේරා, ඩුෂාන් සොසා, රංජිත් ප්‍රනාන්දු හා ජයනන්ද වර්ණවීර යන අය ඇතුළත්ව තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරු සඳහා කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මාවන් අතපත්තුට අමතරව දකුණු අප්‍රිකානු, ඔස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය ජාතිකයින් 7 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

මොවුන් අතරින් පුහුණුකරු ලෙස ස්ථීර අයෙකු තෝරාගැනීම එම කමිටුවට පැවරී ඇති අතර ඒ අනූව එම කමිටුවෙන් සනත් ජයසූරිය ඉවත්ව ඇති අතර අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ‍පෞද්ගලික හේතුවක් මත ඉවත් වූ බවයි.

මේ අතර එකී පුහුණුකරු තනතුරට සුදුස්සකු තෝරා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා එම කමිටුව අදත් රැස්ව තිබේ.

එහිදී පුහුණුකරු තනතුර සඳහා වන සාමාජිකයින්ගෙන් අවසන් සාමාජිකයින් දෙදෙනා අතරට මාවන් අතපත්තු ද ‍එම කමිටුව විසින් තෝරාගෙන ඇත.

ඒ අනූව අතපත්තු හා අනෙක් සාමාජිකයාගෙන් නිශ්චිතවම තෝරාගන්නේ කවුදැයි තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන එකී තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි මේ පිළිබඳව මාවන් අතපත්තු සමග එම කමිටුව අදහස් හුවමාරු කරගෙන ඇති අතර අනෙක් සාමාජිකයා සමග ද අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු අවසන් තීරණය හෙට දැනුම්දීමට නියමිතය.