පතල් කම්කරුවන්ගේ උපවාසය නිමයි

පතල් කම්කරුවන්ගේ උපවාසය නිමයි

September 23, 2014   12:43 pm

කුරුණෑගල,මදුරාගොඩ “කහටගහ ගැෆිට් මයින්“පතළේ කම්කරුවන් අඩි 1100 ක් පතල යට ආරම්භ කළ විරෝධතාවය නවත්වා තිබේ.

උපවාසයේ නිරතවූ කම්කරුවන් සහ කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා අතර අද (23) පැවති විශේෂ සාකච්ඡාවෙන් පසු ඉල්ලීම් තුනම ඉටුකරන බවට ලබාදුන් පොරොන්දුව මත මෙම විරෝධතාවය අත්හැර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වසර 30-40 කාලයක් පුරා සේවය කරන නමුත් සේවය ස්ථීර කර නොමැති පිරිස් ඇතුළු කම්කරුවන් ස්ථීර කරවා ගැනීම, ජීවිත රක්ෂණයක් ලබා ගැනීම හා ආයතනයේ දූෂණ අක්‍රමිකතා නැවැත්විය යුතුවීම කම්කරුවන්ගේ ඉල්ලීම් විය.

කෙසේ වෙතත් අද පැවති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් ත්‍රිත්වයම මෙම වසර දෙසැම්බර් මස 31 වන දිනය පෙර ඉටුකිරීමට පියවර ගන්නා බවට නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඒ අනුව මේ වන විට කම්කරුවන් පතළෙන් ගොඩට එමින් සිටින බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.