අයි.එස්.අයි.එස් සටන්කාමීන්ට ගුවන් ප්‍රහාර
සයුරෙන් එතෙර

අයි.එස්.අයි.එස් සටන්කාමීන්ට ගුවන් ප්‍රහාර

September 23, 2014   11:11 am

අමෙරිකාව ප්‍රධාන රටවල් අයි.එස්.අයි.එස් සටන්කාමීන්ට එරෙහිව සිරියාව තුළ ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින් අදාළ ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර ඇති බව පෙන්ටගනය ප්‍රකාශ කර ඇත.

අයි.එස්.සටන්කාමීන්ට එරෙහිව සිදුකරන මෙම ප්‍රහාර සඳහා අමෙරිකාව සහ අරාබි රටවල් එක්ව සිටියි.

අමෙරිකාව විසින් අයි.එස්.සටන්කාමීන්ට එරෙහිව ඉරාකය තුළ සිය මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය අගෝස්තු මාසයේ දී ය.

මේ වන විට ඉරාකය තුළ සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර 190ක් පමණ සිදුකර ඇති බව සඳහන්ය.