හම්බන්තොට මත්පැන් පෙරූ අයෙක් මාට්ටු

හම්බන්තොට මත්පැන් පෙරූ අයෙක් මාට්ටු

September 23, 2014   09:22 am

හම්බන්තොට, ආරබොක්ක වැව අසළ නීති විරෝධී අයුරින් මත්පැන් පෙරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගන් අවස්ථාවේ සැකකරු සතුව තිබී ගිනි අවි තුනක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

බෙහෙත් කොටන තුවක්කුවක් සහ බඳින තුවක්කු දෙකක් මෙලෙස සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම නීති මත්පැන් ලීටර් 5කට අධික ප්‍රමාණයක් සහ මත්පැන් පෙරීම සඳහා භාවිත කරන ලද උපකරණ ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

සැකකරු අද දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.