කුඩු රුවන් පැනයද්දී වෙඩි තබා අල්ලයි

කුඩු රුවන් පැනයද්දී වෙඩි තබා අල්ලයි

September 22, 2014   11:59 am

දෙහිවල, මිහිදුමාවතේදී කුඩු රුවන් නැමැත්තා වෑන් රථයකින් පලායද්දී පොලීසිය ඔහු පසුපස ලුහුබැඳ වාහනයට වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

සැකකරු එසේ පළායද්දී වෙඩි තැබූ බවත්, වෙඩි තැබීමෙන් සැකකරුට තුවාලයක් සිදුව නැති අතර ඔහු සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 708ක් සිය බාරයට ගත් බවත්, පොලීසිය කියයි.

32 හැවිරිදි සැකකරු ගල්කිස්ස, බඩෝවිට පදිංචිකරුවෙකි.

කුඩු රුවන් නොහොත් රුවන් ධම්මික ගුණවර්ධන මේවන විට බොරැල්ල පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.