අභිරහස් මළ සිරුරක් හමුවෙයි

අභිරහස් මළ සිරුරක් හමුවෙයි

September 21, 2014   05:58 pm

එප්පාවල, කටියාව,  යාය 01 ප්‍රදේශයේ කැළෑවක තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

පිළිස්සී තිබු මෙම කාන්තා මළ සිරුර අද(21)  උදෑසන සොයාගත් බව පොලිසිය සඳහන් කළේය .

මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇය මීට දින දෙකකට පෙර නිවසින් අතුරුදන්ව සිට ඇති බව වාර්තා වෙයි.

මෙය සියදිවි හානිකරගැනිමක් ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එප්පාවල පොලිසිය සඳහන් කළේය.