ජනපති අමෙරිකා යයි

ජනපති අමෙරිකා යයි

September 21, 2014   11:58 am

එක්සත් ජාතින්ගේ 69 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද පස්වරුවේ ජනාධිපතිවරයා අමෙරිකාව බලා පිටත්ව යන බවයි.

අමෙරිකාවේ නිව්යෝර්ක් හිදි එක්සත් ජාතින්ගේ 69 වන මහා මණ්ඩල සැසිවාරය මෙම මස 24වන දින ආරම්භ වෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 25 වන දින මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.

සැසිවාරයට සහභාගි වන අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඇතුළු රාජ්‍ය නායකයින් කිහිපදනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වීමට නියමිතය.