මොණරාගලින් සන්ධානයට ජය

මොණරාගලින් සන්ධානයට ජය

September 21, 2014   06:57 am

මැතිවරණ කොට්ඨාස 3 න් යුතු මොණරාගල දිස්ත්‍රීක්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව එ.ජ.නි.ස ලැබූ ඡන්ද සංඛ්‍යාව 140,850 ක් වන අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 කි.

එසේම මොණරාගල දිස්ත්‍රීක්කය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 77,065 ක් වන අතර එම පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 6 කි.

කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 14,960 ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි.