බදුල්ලෙන් සන්ධානය දිනුම් - ඒත් විපක්ෂ ආසන සමකරයි

බදුල්ලෙන් සන්ධානය දිනුම් - ඒත් විපක්ෂ ආසන සමකරයි

September 21, 2014   06:18 am

මැතිවරණ කොට්ඨාස 9න් යුතු බදුල්ල දිස්ත්‍රීක්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව එ.ජ.නි.ස ලැබූ ඡන්ද සංඛ්‍යාව 209,056 ක් වන අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 9 කි.

එසේම බදුල්ල දිස්ත්‍රීක්කය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 197,708 ක් වන අතර එම පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 කි.

කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 20,625 ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි.