පස් කන්දකට යටවී  හමුදා සෙබළුන් 4ක් මරු‍ට

පස් කන්දකට යටවී හමුදා සෙබළුන් 4ක් මරු‍ට

September 20, 2014   05:20 pm

පස් කන්දකට යටවීමෙන් අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සෙබළුන් සිව් දෙනෙකු මියගොස් තිබේ.

අද පස්වරුවේ හමුදා කඳවුර තුළ මෙම අනතුර සිදුව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේය.

හමුදා සෙබළුන් 10 දෙනෙකු පස් කන්දට යට වි ඇති අතර ඉන් සිව් දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

තුවාල ලැබු සෙබළුන් ප්‍රතිකාර සඳහා වරකාපොළ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.