ඌව පළාත් ඡන්ද විමසීම අවසන්වෙයි

ඌව පළාත් ඡන්ද විමසීම අවසන්වෙයි

September 20, 2014   04:16 pm

ඌව පළාත් සභා ඡන්ද විමසීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය.

කෙසේ වෙතත් මෙවර ඡන්ද විමසීමේදී බදුල්ල දිස්ත්‍රීක්කයේ 68%ක් ද, මොණරාගල 73%ක්ද ඡන්දය ප්‍රකාශ කර ඇති අතර සමස්තයක් ලෙස ගත් කල මැතිවරණයේ 65%ට වඩා ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

ඡන්ද විමසීම ඌව පළාතේ මධ්‍යස්ථාන 832 කදී අද උදෑසන 07.00 ට ආරම්භ වුණි.

මෙවර ඌව පළාත් ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් දස ලක්ෂ 31,820 දෙනෙකු සුදුසුකම් ලැබු අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් හයලක්ෂ 99,066 දෙනෙකු සහ මොණරාගල දිස්ත්‍රික්කයෙන් තුන්ලක්ෂ 32,764 දෙනෙකු වශයෙන් ඡන්දය භාවිතා කිරිමට සුදුසුකම් ලබා තිබුණි.

ඌව පළාත් සභාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් සභිකයින් 18 දෙනෙකු තෝරා ගැනෙන අතර මොණරාගල දිස්ත්‍රික්කයෙන් සභිකයින් 14 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

බදුල්ල දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාශ 09කින් සමන්විත වෙයි.

මහියංගනය, වියළුව, පස්සර, බදුල්ල, හාලිඇල , ඌවපරණගම, වැඩිමඩ, බණ්ඩාරවෙල සහ හපුතලේ එම මැතිවරණ කොට්ඨාශ වෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින් සඳහා මධ්‍යස්ථාන 516ක දී ජන්දය ප්‍රකාශය කිරීමේ අවස්ථාව සැළසෙයි.

එම දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාශ බිබිල, මොණරාගල සහ වැල්ලවාය යන ජන්ද බල ප්‍රදේශ වලින් සමන්විතය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින් සඳහා මධ්‍යස්ථාන 318 කදී ජන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සළසා දී ඇති බව සඳහන් වෙයි.