දරුවන් දෙදෙනා සමඟ  මව මුහුදට පැනලා -  දරුවන් දෙදෙනා මරුට

දරුවන් දෙදෙනා සමඟ මව මුහුදට පැනලා - දරුවන් දෙදෙනා මරුට

September 20, 2014   03:11 pm

ත්‍රිකුණාමලය, කෝනේෂ්වරම් කෝවිල අසළදි මවක් සිය දරු දෙදෙනා සමඟ මුහුදට පැන සියදිවි හානි කරගැනිමට උත්සහ දරා තිබේ.

අද පස්වරු 01.00ට පමණ මෙය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ අසළ සිටි නාවික හමුදා නිලධාරින් පිරිසක් ඔවුන් බේරාගෙන තිබේ.

මව සහ ළමුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ළමුන් දෙදෙනා මියගොස් ඇති බව සඳහන් වෙයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක ගැහැණු ළමයෙක් සහ වයස අවුරුදු 09ක පිරිමි ළමයෙකි.

ඔවුන්ගේ මව මේ වන විට ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.