බදුල්ලේ 50% යි - තවත් ඇත්තේ පැය 2ක කාලයක් පමණයි

බදුල්ලේ 50% යි - තවත් ඇත්තේ පැය 2ක කාලයක් පමණයි

September 20, 2014   02:06 pm

ඌව පළාත් සභා ඡන්ද විමසීම තවත් පැය 02 ක කාලයකින් අවසන් වීමට නියමිතව තිබේ.

මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ 50% ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මධ්‍යහන 12.00 වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ 44% ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.

ඡන්ද විමසීමේ කටයුතු අද(20) උදෑසන 07.00 ට ආරම්භ වු අතර පස්වරු 04.00 දක්වා එය පැවැත්වීමට නියමිතය.

මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඡන්ද මධ්‍යස්ථාන 832 කදී ඡන්ද විමසීම සිදු කෙරෙන අතර ඡන්ද භාවිතය සදහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 31,820 කි.