අඟුලානේ වෙඩි තැබීමක්  - අයෙක් මරු‍ට

අඟුලානේ වෙඩි තැබීමක් - අයෙක් මරු‍ට

September 20, 2014   01:12 pm

මොරටුව, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සදහන් කළේ අද(20)  දහවල් 12.30 ට පමණ අඟුලාන දුම්රියපොළ මාර්ගයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන් වෙයි.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව, ලක්ෂඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි අයෙකි.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසිය විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේය.