දේශපාලන අධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක්

දේශපාලන අධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක්

September 20, 2014   11:22 am

බදුල්ල,සොරණාතොට ප්‍රදේශයේදී දේශපාලන පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

අද උදෑසන 08 ට පමණ මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පිරිසක් අතර ගැටුම හටගෙන තිබේ.

අදාළ සිද්ධියෙන් දෙපාර්ශවයේම ආධාරකරුවන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.