කෙසෙල් පෙන්වා ගංජා වගාකරලා

කෙසෙල් පෙන්වා ගංජා වගාකරලා

September 20, 2014   10:44 am

අගුණකොලපැලැස්ස, වැටිය ප්‍රදේශයේ දී ගංජා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරු විසින් කෙසෙල් වගාවක් අතර ගංජා පැල 80 ක් පමණ වගා කර තිබු බව පොලිසිය සඳහන් කළේට.

සැකකරු අද අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.