ඡන්දය ඔබේ අයිතියයි එය භාවිතා කරන්න

ඡන්දය ඔබේ අයිතියයි එය භාවිතා කරන්න

September 20, 2014   06:49 am

ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (20) පෙරවරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඡන්ද දායකයින් වේලාසන ගොස් ඡන්දය භාවිතා කිරීම වැදගත් බවයි.

ඡන්දය ඔවුන්ගේ අයිතියක් බැවින් එය භාවිතා කළ යුතු බව ඔහු කියා සිටියි.

එසේම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමේදී වලංගු හැඳුනුම්පතක් භාවිතා කරන ලෙස ද මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසන් වීමට නියමිතය.