හෝමාගම සභාපති පුටුවේ ප්‍රශ්නය ජනපති විසඳයි

හෝමාගම සභාපති පුටුවේ ප්‍රශ්නය ජනපති විසඳයි

September 19, 2014   05:04 pm

හෝමාගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් රුවන් ප්‍රබෝධ පීරිස් මහතා පත්කර තිබේ.

උප සභාපතිවරයා වශයෙන් ඉන්දික කෝරළගේ මහතා පත්කර ඇති බව සඳහන්ය.

ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්විමත් සමඟ ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් මතුව තිබු ගැටළුකාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සාකච්ජාවක් පවත්වා ඇත.

පක්ෂ නායකයින් සහ හෝමාගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සියලූම මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ජාව පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදි පවතින ගැටළු පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කිරිමේන් අනතුරුව රුවන් ප්‍රබෝධ පිරිස් සහ ඉන්දික කොරළගේ යන මහත්වරුන් අදාළ තනතුරු සදහා පත්කර ගැනීමට සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කර ඇති බව සඳහන්ය.