වනජීවි නිලධාරීන්ට පහරදුන් පස්දෙනාත් රිමාන්ඩ්
September 19, 2014 03:47 pm
හොරොව්පතාන වනජීවි කාර්යාල නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා ලුතිනන්වරයා ඇතුළු සැකකරුවන් 05 දෙනා යළිත් වරක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුවන් ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්රාත් අජිත් දිසානායක මහතා නියෝග කර ඇත.
හොරොව්පතාන ප්රදේශයේ නීති විරෝධීව දැව ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී පසුගිය 02 වනදා වනජිවි නිලධාරීන් සිව් දෙනෙකු පහරකෑමට ලක්ව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුධ හමුදා ලුතිනන්වරයා ඇතුළු සැකකරුවන් 05 දෙනා අද දිනයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් සියලු සැකකරුවන් හඳුනාගෙන ඇති බව සඳහන්ය.
එමෙන්ම සැකකරුවන් සිදු කරන ලද පහරදීම හේතුවෙන් වනජිවි දෙපාර්තමේන්තුවට අයත් වාහනයකට රුපියල් ලක්ෂ 03 ක පමණ හානියක් සිදුව ඇති බව ද හෙරොව්පතාන පොලිසිය අධිකරණයට දැනුම් දුන් බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේය.