ආයෙමත් රිමාන්ඩ්

ආයෙමත් රිමාන්ඩ්

September 19, 2014   03:34 pm

සිවිල් ආරක්ෂක සෙබළෙකු ඝාතනය කර ඔහු සතු මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කර ඇත.

පසුගිය ජූලි මස 20 වැනි දින රාජකාරියට යමින් සිටි සිවිල් ආරක්ෂක සෙබළෙකු ඝාතනය කර පුළුස්සා ඔහු සතුව තිබු රුපියල් ලක්ෂ 02ක පමණ මුදලක් කොල්ලකා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සිවිල් ආරක්ෂක සෙබළෙකු වන අතර ඔහු ඝාතනයට ලක්වූ සෙබළාගේ සමීපතම මිත්‍රයෙකු බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී දෙදෙනා අතර පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

දෙවන සැකකරු මෙම ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වූ බව ද පොලිසිය දැනුම් දී තිබේ.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.