බඩු දුම්රිය කොට උඩ!

බඩු දුම්රිය කොට උඩ!

September 19, 2014   02:17 pm

බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ තෙල් හා භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියක තෙල් ටැංකිය අඩංගු කොටස අඹේවෙල හා නානුඔය අතරදී පීලි පැනීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

අද (19) උදේ 10ට පමණ මෙම අනතුර සිදුව ඇත.

මේ නිසා කොළඹ සිට දුම්රිය ධාවනය නානුඔයටත් බදුල්ලේ සිට දුම්රිය ධාවනය අඹේවෙලටත් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.

මෙම අනතුරත් සමග අද උදෑසන 5.55ට ‍කොළඹින් ‍බදුලි ගිය පොඩි මැණිකේ දුම්රිය නානුඔය නතර කර ඇත.

එසේම උදෑසන 8.30ට බදුල්ලෙන් කොළඹ ආ පොඩි මැණිකේ දුම්රිය අඹේවෙල නතර කර තිබේ.

අනතුර සිදුවූ ස්ථානයට බදුල්ලේ සිට ආපදා රථය මේවන විට පැමිණෙමින් තිබෙන බවද දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ අතර දුම්රිය සංඥා පද්ධතියේ දෝෂයක් නිසා ප්‍රමාද වී තිබූ ප්‍රධාන මාර්ගයේ හා මීගමුව මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේවන විට යතා තත්ත්වයට පත් කර ඇත.