පැය 8ක ජල කප්පාදුවක්

පැය 8ක ජල කප්පාදුවක්

September 19, 2014   12:45 pm

හෙට (20) රාත්‍රී 8.00 සිට පසුදින (21) අළුයම 4.00 දක්වා පැය 8ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.

ඒ අනුව මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, රාජගිරිය, නාවල, රාජගිරියේ සිට නාවල පාරේ විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රදේශය පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියේ සිට ආයුර්වේද මං සන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලු අතුරු මාර්ග වල ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව කොටා පාර කාසල් වීදිය සහ ලේක් ඩ්‍රයිව් යන ප්‍රදේශ වලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.