ස්කොට්ලන්තය වෙන්නොවිය යුතු බවට වන මතය පෙරමුණේ
සයුරෙන් එතෙර

ස්කොට්ලන්තය වෙන්නොවිය යුතු බවට වන මතය පෙරමුණේ

September 19, 2014   10:05 am

ස්කොට්ලන්තය තව දුරටත් බ්‍රිතාන්‍යය සමග එක්ව කටයුතු කළ යුතු බවට එරට ජනමත විචාරණයේ දැනට නිකුත් වි ඇති ප්‍රතිඵල අනුව තහවුරු වී තිබේ.

ඡන්ද ප්‍රදේශ 32 න් 26 ක ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර ඉන් සියයට 54.28 ක් ප්‍රකාශ කර ඇත්තේ ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යය පාලනයෙන් වෙන් නොකළ යුතු බවයි.

එසේ වුවද සියයට 45.72 ක පිරිසක් බ්‍රිතාන්‍යයෙන් වෙන් විය යුතු බවට ඡන්දය ප්‍රකාශ කර තිබේ.

තවත් ඡන්ද ප්‍රදේශ 06 ක ප්‍රතිඵල නිකුත් කිරිමට නියමිත අතර වෙන් නොවිය යුතු බවට වන මතය ජයග්‍රහණය කිරීමට තවත් ඡන්ද හාර ලක්ෂ 25,803 ක් ලබා ගත යුතු වේ.