දෙල්ගොඩ - ගිරිදර මාර්ගය වසයි
September 19, 2014 09:29 am
දෙල්ගොඩ - ගිරිදර මාර්ගයේ ගල්වලගොඩ පාළමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබේ.
ඊයේ උදෑසන 08 සිට හෙට පෙරවරු 06 දක්වා කාලය තුළ මෙලෙස මාර්ගය වසා තැබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව දෙකටන, කළුකො යාව හරහා පහුරු වෙල මාර්ගය ඔස්සේ පොටෝ සාප්පුව හන්දියට පැමිණ දෙල්ගොඩ ගිරිදර මාර්ගයට පිවිසිය හැකි බව පොලිසිය සඳහන් කළේය.
එමෙන්ම ජම්බුගස්මුල්ල හංදියෙන් පරන්ගොඩ හරහා ඉන්දනමුල්ල මාර්ගයේ පාසල් දෙක පිහිටි ස්ථානයෙන් නැවත දෙල්ගොඩ, ගිරිදර මාර්ගයට පිවිසිය හැකි බව ද පොලිසිය පැවසුවේය.