ගිනි අවි 3යි - වාහන 2යි - 10ක් මාට්ටු

ගිනි අවි 3යි - වාහන 2යි - 10ක් මාට්ටු

September 19, 2014   08:57 am

නාගොඩ, වළකුඹුර ප්‍රදේශයේ මාර්ග සෝදිසියකදී බෝර 12 තුවක්කු 3ක්, වෑන් රථ 2ක් හා සැකකරුවන් 10 දෙනෙකු නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී මෙම වැටලීම කර ඇති අතර ඔවුන් සතුන් දඩයම සඳහා මෙම අවි යොදාගන්නට ඇතැයි සැකකරන බව අප වාර්තාකරු කියයි.

සැකකරුවන් නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මේ අතර ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි නාවික හමුදා සෙබළෙකු ද ගාල්ල පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඊයේ හවස 3ට පමණ කරාපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.