දෙකෝටි අසූපන්ලක්ෂයක වල්ලපට්ටාත් කෝටියක රන් කිලෝවත් මාට්ටු
September 18, 2014 01:43 pm
දෙකෝටි අසූපන් ලක්ෂයක් වටිනා වල්ලපට්ටා කිලෝ 38ක් චීනයේ ෂැංහයි වෙත රැගෙනයාමට තැත්කළ චීන ජාතිකයින් දෙදෙනෙකු ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
අද පෙරවරු 11.50ට පමණ මෙම වැටලීම කළ රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.
සැකකරුවන් 28 හා 35 හැවිරිදි අයවළුන්ය.
මේ අතර බැංකොක් සිට රුපියල් කෝටියක් වටිනා රන් කිලෝවක් රැගෙන ආ ලාංකික තරුණයින් දෙදෙනෙකු ද රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එක් තරුණයෙකුගේ පාදයේ රන් කැබලි දෙකක් අලවාද, අනෙක් තරුණයාගේ බෑගයෙන් රන් කැබලි දෙකක් දමා තිබියදී ද සොයාගෙන ඇත.
සැකකරුවන් 26 හැවිරිදි හා 37 හැවිරිදි අකුරණ හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.