රොකී සැකකරුගේ නිවසට යයි - ඝාතකයා නිදැල්ලේ?
September 18, 2014 01:20 pm
පින්නදුව, මාදොළ, කටුපොල්වත්තේදී අතවර කර ඝාතනය කළ බව කියන 8 හැවිරිදි දැරියගේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රොකී නැමැති සුනඛයාගේ ද සහය ලබා ගැනිණ.
ගාල්ල පොලිස් සුනඛ අංශයේ රොකී සුනඛයා සැකකරුගේ ගෙය ඉදිරිපිටට ගොස් නැවතුණ බව අප වාර්තාකරු කියයි.
පින්නදුව, මාදොළ, කටුපොල්වත්තේ දේමුනි පූජනි හසන්ති ලංකාතිලක පාසල් ගොස් නිවසට පැමිණ සිටි 8 හැවිරිදි දැරිය අසල්වැසි තරුණයෙකු විසින් අතවර කර ලනුවකින් ගෙල සිරකර මරාදමා අසළ තේවත්තක දමා සිටියදී පොලීසිය විසින් ඊයේ රාත්රී සොයා ගන්නා ලදී.
ඉතා දුප්පත් පවුලක විසූ දැරියකට කෲර ලෙස අතවර කර මෙලෙස ඝාතනය කර තිබුණේ ඇයගේ මව්පියන් මෙන්ම වැඩිහිටි සහෝදරිය ද නිවසේ නොසිටි අවස්ථාවේය.
දැරියගේ පියා පෙදරේරුවකු බවත් මව තේ දළු නෙළන්නියක බවත් පොලීසිය කියයි.