මදුරුවන් බෝකළ 3500 නඩු - 15,410ට නොතීසි

මදුරුවන් බෝකළ 3500 නඩු - 15,410ට නොතීසි

September 18, 2014   12:26 pm

ජාතික මදුරු මර්දන සතියේ සිදු කරන ලද පරීක්ෂා කිරීම් වලදි මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 3500 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පසුගිය 10 වන දා සිට 16 වන දා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබු අතර එම සතිය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බළකාය එක්ව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළේය.

එම සතිය තුළ දිවයින පුරා පරිශ්‍ර තුන්ලක්ෂ 48,001 ක් පරික්ෂාවට ලක්කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේය.

එහිදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන 94,841 ක් හමුවී ඇති අතර මදුරු කීටයින් සහිත ස්ථාන 13,615 ක් හමුවී ඇත.

එවැනි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 15,410 දෙනෙකුට නොතීසි නිකුත් කිරිමට පියවර ගත් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.