කැෆේට පැමිණිලි 424ක්

කැෆේට පැමිණිලි 424ක්

September 18, 2014   11:03 am

මැතිවරණ ප්‍රචාරය සඳහා ලබා දී තිබූ නිල කාලය අවසන් වූ ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට ඌව පළාත් සභා මැතිවරණයට අදාළව පැමිණිලි 424 ක් ලැබී තිබූ බව කැෆේ සංවිධානය පවසයි.

ඉන් පැමිණිලි 305 ක් මොණරාගල දිස්ත්‍රික්කයෙන් ද, පැමිණිලි 100 ක් බදුල්ලෙන් ද, තවත් පැමිණිලි 19 දිස්ත්‍රික්ක දෙකකටම පොදු පැමිණිලි ලෙස ද වාර්තා වී තිබූ බව එම සංවිධානය කියයි.