දැරියගේ ඉරණම ගවයා තීරණකරයි

දැරියගේ ඉරණම ගවයා තීරණකරයි

September 18, 2014   09:59 am

කටුපොත - රඹාවැව මාර්ගයේ නෙළුම් කණුව අසළ ප්‍රදේශයේ සිදුවු අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබේ.

කටුපොත ප්‍රදේශයේ සිට රඹාවැව දෙසට ගමන් කරමින් තිබු යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ ගවයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරෙන් යතුරු පැදියෙන් ගමන් කළ රියදුරු , පසුපැදිකරු සහ කුඩා දැරියක් බරපතළ තුවාල ලබා කටුපොත රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කුඩා දැරිය මියගොස් ඇත.

මියගොස් ඇත්තේ ගලහේන, මගුලාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුද්දක් පමණ වයසැති දැරියකි.

අනතුර සම්බන්ධයෙන් කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.