ආසියානු ක්‍රීඩා උළෙල හෙට කොරියාවේදී ඇ‍රඹේ

ආසියානු ක්‍රීඩා උළෙල හෙට කොරියාවේදී ඇ‍රඹේ

September 18, 2014   09:42 am

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල හෙට කොරියාවේ දී ආරම්භ වෙයි.

කොරියාවේ ඉන්චියෝන් හිදී ඔක්තෝබර් මස 04 වන දින දක්වා ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වී සිටිති.

17 වන වරට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සත්කාරක රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය.