බාරය ඔප්පු කිරීමට ගිය තුන්දෙනාම තුන්දිනකින් මරු තුරුළට!

බාරය ඔප්පු කිරීමට ගිය තුන්දෙනාම තුන්දිනකින් මරු තුරුළට!

September 17, 2014   08:37 pm

ගාල්ල, දඩල්ලේදී ත්‍රීවිලරයක් වාහනයක ගැටී සිදුවූ අනතුරකින් පෙරේදා (15), ඊයේ (16), අද (17) පිළිවෙළින් මවක, පුතෙකු හා පියෙකු මියගොස් තිබේ.

පසුගිය 14 වැනිදා මෙම අනතුර සිදුව තිබු අතර තිදෙනාම කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණ.

අනතුරින් තුවාල ලැබූ මව (22) තිළිණි සෙව්වන්දි පෙරේදාත්, (04) මසැති හැවිරිදි පුතු චමිල මෙත්සිත ඊයේත් 27 හැවිරිදි පියා වන අමල් මධුසංඛ අදත් මියගොස් ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් වාහනයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගැනුණු බව අප වාර්තාකරු කීවේය.

බාරයක් ඔප්පු කිරීමට කච්චුවත්ත විහාරයට උදෑසන යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබුණි.