මෙරට ලියාපදිංචි නොකළ වෛද්‍ය උපකරණ නිවසකින් හමුවෙයි

මෙරට ලියාපදිංචි නොකළ වෛද්‍ය උපකරණ නිවසකින් හමුවෙයි

September 17, 2014   02:37 pm

මෙරට ලියාපදිංචි නොකළ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබේ.

රේගු දෙපාර්තමේන්තුවෙන් ලැබුණු තොරතුරකට අනුව ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදු කරන ලද සෝදිසියක දී මෙම ඖෂධ තොගය සොයා ගෙන ඇති බව සඳහන්ය.

මෙලෙස ගෙන්වන ලද වෛද්‍ය උපකරණ මීට පෙර යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල බෙදාහැර ඇති බව සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම අමාත්‍යංශය පැවසුවේය.