අවු. 16 සිසුවාගේ රියට කැලණි සිසුවියන් 2ක් හැප්පිලා
September 17, 2014 02:27 pm
අවුරුදු 16ක පිරිමි ළමයෙකු විසින් පැදවූ බව කියන මෝටර් රථයකට හුණුපිටිය, වේවැල්දූව ප්රදේශයේදී හැපී තුවාල ලැබූ කැලණිය සරසවියේ කළමනාකරණ පීඨයේ සිව්වන වසරේ සිසුවියන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ රාත්රී 8.45ට පමණ අනතුර සිදුව ඇති අතර මෝටර් රථය පැදවූ සිසුවා කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිසුවාට වාහන පැදවීමට රියදුරු බලපත්රයක් නැතැයිද පොලීසිය කියයි.
ඔහු බොරැල්ලේ පාසලක ඉගෙනුම ලබන බවද කඩවත, දළුපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන එම සිසුවා අද මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.