සයුරෙන් එතෙර
ඉබෝලා ලෝකයටම තර්ජනයක්
September 17, 2014 12:15 pm
බටහිර අප්රිකාවේ පැතිර යන ඉබෝලා වෛරසය ලෝක ආරක්ෂාවට තර්ජනයක් බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.
වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ලොව සියලු රටවල් වගකීමෙන් කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේය.
ඉබෝලා වෛරසය පැතිර යාම පාලනය කිරීමේ කටයුතු වලට සහය දැක්වීම සඳහා 3000ක අමෙරිකානු භට පිරිසක් යොමු කරන බව ද බරක් ඔබාමා ඊයේ දිනයේ නිවේදනය කළේය.
ඉබෝලා වෛරසය හේතුවෙන් ලයිබීරියාව, ගිනියාව, සියරා ලියෝන් සහ නයිජිරියාව යන රටවල මේ වන විට පුද්ගලයින් 2461 දෙනෙකු මියගොස් ඇත.
ඉන් මරණ 1296 ක් ම වාර්තා වි ඇත්තේ ලයිබීරියාවෙනි.