හම්බන්තොටින් ඇවිත් වැලිමඩ අල ගොවියාට අත ඉස්සූ  4ක් අත්අඩංගුවේ

හම්බන්තොටින් ඇවිත් වැලිමඩ අල ගොවියාට අත ඉස්සූ 4ක් අත්අඩංගුවේ

September 17, 2014   11:43 am

වැලිමඩ, බෝගහකුර ප්‍රදේශයේ අල ගොවියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිජන සේවා සංවර්ධන නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රි බෝගහකුඹුර ගොවිජන සේවා කාර්යාලය අසළ දී මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.

අදාළ කාර්යාලය වෙත පැමිණ සිටි අල ගොවියා සහ හම්බන්තොට ප්‍රදේශයෙන් පැමිණි ගොවිජන සේවා සංවර්ධන නිලධාරින් පිරිසක් අතර යම් සිදුවීමක් සම්බන්ධයෙන් බහින් බස්වීමක් සිදුව තිබේ.

එම අවස්ථාවේ දී අදාළ නිලධාරින් විසින් එම ගොවියාට පහරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

පහරකෑමට ලක්වු පුද්ගලයා ප්‍රතිකාර සඳහා වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගොවිජන සේවා සංවර්ධන නිලධාරින් සිව්දෙනා බීමතින් සිට ඇති බවට ද පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.