කෝටි 10ක දුම්වැටි කන්ටේනරයෙන් එළියට

කෝටි 10ක දුම්වැටි කන්ටේනරයෙන් එළියට

September 17, 2014   11:04 am

ශීතරකණ යන්ත්‍ර ගෙන්වන මුවාවෙන් ගෙන්වා තිබූ රුපියල් කෝටි 10ක් පමණ වටිනා දුම්වැටි තොගයක් සොයාගත් බව රේගුව පවසයි.

අද සැකකටයුතු කන්ටේනරයක් පරික්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.

එහි දුම්වැටි ලක්ෂ 40ක් තිබී ‍සොයාගෙන ඇති අතර හොංකොං සිට මේවා ගෙන්වා ඇත.

ව්‍යාජ ලිපිනයක් භාවිතා කරමින් ඉකුත් ජූලි මස 03 වැනිදා මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන්වා ඇතැයි පැවසේ.

ලී පෙට්ටි 9කින් මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත.