මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

September 17, 2014   08:25 am

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරක කටයුතු අද(17) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබේ.

අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඍජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සපුරා තහනම් බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම් මොහොමඩ් මහතා පැවසුවේය.

මේ අතර ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට අදාළ සිදුවීම් 69ක් වාර්තා වන බව පොලිසිය සඳහන් කළේය.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව බව පොලිසිය පැවසුවේය.

පැමිණිලි 15ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව එල්ලවී තිබේ.

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පැමිණි 06ක් ද ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පැමිණිලි 03ක් ද ලැබී ඇති බව සඳහන් වෙයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට අදාළ පැමිණිලි වලට අනුව පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.