ලෝක හොරෙක් අතේ මාට්ටු

ලෝක හොරෙක් අතේ මාට්ටු

September 17, 2014   08:20 am

දිනුම් අංක සහිත ලොතරැයිපත් ව්‍යාජ ලෙස සකසා ‍ලොතරැයි අලෙවි නියෝජිතයන්ගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ තරුණයෙකු පුගොඩ පැපිලියවල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

සැකකරු මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

ඔහු අද පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.