චීන ජනපතිගේ සංචාරය හේතුවෙන් කොළඹ ගමනාගමනයට සීමා

චීන ජනපතිගේ සංචාරය හේතුවෙන් කොළඹ ගමනාගමනයට සීමා

September 17, 2014   07:10 am

චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද දිනය තුළ ද කොළඹ නරගය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

අද පෙරවරු 8.30යේ සිට දහවල් 11.00 දක්වා චෛත්‍ය පාර, පරණ පාර්ලිමේන්තු වටරවුමේ සිට කොල්ලුපිටිය හංදිය දක්වා ගාලු පාර වාහන ගමනාගමනයට සීමා කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඊට අමතරව කොල්ලුපිටිය වටරවුම, ලිබර්ටි වටරවුම, රතු කුරුස වටරවුම දක්වා ධර්මපාල මාවත- ග්‍රීන්පාත්, නෙළුම්පොකුණ මාවත, හෝර්ටන් පෙදෙසේ සිට නව කැලණි පාලම දක්වා බේස්ලයින් පාර සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය යන මාර්ගවල අද පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා වාහන ගමනාගමනය සීමා කරන බව සඳහන්ය.